Select Language / භාෂාව තෝරන්න / மொழியைத் தேர்ந்தெடுக்கவும்

ඉදිරියට යාමට ඔබ කැමති භාෂාව තෝරන්න

පුවත්

සෞදි අරාබියේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වෙනුවෙන් ඉල්ලීම් රැල්ලක්!

2026 සැප්තැම්බර් 2 • පුවත්

“තකමෝල්” යනු සෞදි අරාබි රජයේ මානව සම්පත් සහ සමාජ සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයකි. මෙම ආයතනයේ කාර්යය වන්නේ සෞදි අරාබිය තුළ සහ රට තුළට ඇතුළු වන විදේශීය ශ්‍රමිකයින් කළමනාකරණය කිරීම අධීක්ෂණය කිරීමයි. Takamol හි දිගුවක් වන Musanad, ගෘහ සේවා සඳහා සෞදි අරාබියට පැමිණෙන සේවකයන්ගේ කළමනාකරණය කෙරෙහි විශේෂයෙන් අවධානය යොමු කරයි.

දැනට සෞදි අරාබි රාජධානියේ නිල සංචාරයක නිරතව සිටින කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සහ ටකමෝල් සහ මුසානාද් ආයතන බලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

එය සංවිධානය කර තිබුණේ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසිනි.

මෙම සාකච්ඡාවේදී කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පෙන්වා දුන්නේ සෞදි අරාබියේ සේවය කරන ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් සඳහා ඵලදායී සමාජ ආරක්ෂණ වැඩසටහනක අවශ්‍යතාවය පවතින බවයි. අදාළ සේවකයන්ට ඉහළ වැටුප්, ඉහළ ජීවන තත්ත්වයක් සහ කම්කරු අයිතිවාසිකම් ලබාදීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

මීට අමතරව දැනට සෞදි අරාබියේ සේවය කරන අඩු පුහුණු සහ අර්ධ පුහුණු ශ්‍රමිකයන්ට රැකියා කුසලතා, සුබසාධන, සේවා ස්ථාන සුරක්ෂිතභාවය සහ සේවක වැටුප් ලබාදීම වැනි කරුණු සම්බන්ධයෙන් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සෞදි බලධාරීන්ගේ අවධානය යොමු කළේය.

ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සඳහා යැවීම වත්මන් රජය ප්‍රවර්ධනය නොකරන බව ප්‍රකාශ කළ මහින්ද ජයසිංහ, කෙසේ වෙතත් ගෘහ සේවය සඳහා සෞදි අරාබියට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට ඉහළ වැටුප් සහ ඉහළ ජීවන තත්ත්වයක් ලබාදීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.

සෞදි අරාබියේ දැනට පවතින රැකියා කාණ්ඩ 23ටම වෘත්තීය කුසලතා ඇති නිපුණ ශ්‍රී ලාංකිකයින් යැවීම වත්මන් රජයේ අධිෂ්ඨානය බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සාකච්ඡාවේදී අවධාරණය කළේය. මෙම විශේෂ සාකච්ඡාව සඳහා අමීර් අජ්වාඩ් සහ තානාපති කාර්යාලයේ රැකියා සහ සුබසාධන උපදේශක මංගල රන්දෙණිය මහතා ද සහභාගී විය.

ඡායාරූප ගැලරිය

මෑතකාලීන පළකිරීම්

ප්‍රවේශ්‍යතාව දසුන සකසන්න
අකුරු ප්‍රමාණය
වර්ණ ප්‍රකාරය
හඬ කියවීම (Text-to-Speech)