පුවත්
බලහත්කාරයෙන් වැඩ ගැනීම වැළැක්වීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ දෙවන වැඩසටහන ඇල්පිටියේ දී
කම්කරු අමාත්‍යාංශයේ සහ කම්කරු දෙපාර්තමේන්තුවේ සහයෝගීතාවය යටතේ දකුණු පළාත ආවරණය කරමින් පවත්වනු ලබන බලහත්කාරයෙන් වැඩ ගැනීම වැළැක්වීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ දෙවන වැඩසටහන 2026.09.02 වන දින පැවැත්විණි.
මෙම වැඩසටහන සඳහා ඇල්පිටිය ප්‍රදේශයේ කුඩා හා මධ්‍ය පරිමාණ පෞද්ගලික තේ වතු හිමියන් ඇතුළු කළමනාකාරීත්වයේ සමාජිකයින් සහභාගී වූ අතර දකුණු පළාතේ කුඩා හා මධ්‍ය පරිමාණ තේ වතු ආශ්‍රිතව රැකියාවේ නියුතු වතු කම්කරුවන් වෙනුවෙන් සුනිසි ශ්‍රම නියාමනය, බලහත්කාර ශ්‍රමය යනු කුමක්ද හා ඊට අදාළ නීතිමය තත්ත්වය පිළිබඳව මෙහිදී දැනුවත් කෙරිණි. විශේෂයෙන්ම කුඩා හා මධ්‍යම පරිමාණ වතු කේෂ්ත්‍රය තුළ බලහත්කාර ශ්‍රමය ලෙස පැවැතිය හැකි සේවකයන්ගේ හැඳුනුම්පත් භාරයට ගෙන තබා ගැනීම, සේවකයන්ගේ මුල් සහතික රඳවා තබා ගැනීම, සේවකයන්ගේ ගමන් බිමන් සීමා කිරීම, බිය හෝ විකල්ප නොමැතිකම හේතුවෙන් සේවකයින්ට රැඳී සිටීමට බල කෙරෙන තත්වයක් රැකියාව තුළ නිර්මාණය කිරීම, වැඩකරන වේලාව අධික ලෙස දීර්ඝ කිරීම ආදී තත්ත්වයන් දැක්විය හැකිය.
ඊට අමතරව, ළමා ශ්‍රමය පිටු දැකීම, මූලික කම්කරු නීති පිලිබඳ දැනුම, සේවාස්ථානය තුල වෘත්තීය සුරක්ෂිතතාවය හා සෞඛ්‍යය යන ක්ෂේත්‍රයන් පිළිබඳවද දැනුවත් කිරීම් සිදු කරන ලදී.
මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාව සඳහා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය ගරු මහින්ද ජයසිංහ මහතා සහභාගී වූ අතර සභාව අමතමින් ඒ මහතා සඳහන් කලේ ශ්‍රී ලංකාව තුළ බලහත්කාරයෙන් වැඩ ගැනීම හා ළමා ශ්‍රමය තුරන් කරලීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් අවශ්‍ය සෑම පියවරක්ම ගනිමින් සිටින බවයි.
මෙම වැඩසටහන හා සම්බන්ධ වෙමින් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රි ලංකාව හා මාලදියින කාර්යාලයේ නේවාසික අධ්‍යක්ෂ ජෝනි සිම්සන් මහත්මිය විසින් බලහත්කාරයෙන් වැඩ ගැනීම හා ළමා ශ්‍රමය තුරන් කරලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය පැසසුමට ලක් කළාය.
මෙම අවස්ථාවට කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්.පියතිස්ස මහතා, කම්කරු කොමසාරිස් ජනරාල් එම්.ඩී.එන්.කේ වටලියද්ද මහත්මිය ඇතුළු කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහභාගී විය.
මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් මගින් බලහත්කාරයෙන් වැඩ ගැනීමේ අවදානම් හඳුනා ගැනීම, වගකීම්සහගත රැකියා පිළිවෙත් අනුගමනය කිරීම සහ ප්‍රජාවන් තුළ බලහත්කාරී ශ්‍රමය වැළැක්වීම සඳහා දායක වීමට දිරිගැන්වීම අපේක්ෂා කරනු ලැබේ.
මෑතකාලීන පළකිරීම්
-
සමාජ රැකවරණ සේවා විධිමත් කිරීම, රැකවරණ සේවකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ කාන්තා ශ්‍රම බලකා සහභාගීත්වය ඉහළ නැංවීම අරමුණු කරගත් 2026–2035 දස අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
2026 ඔක්තෝබර් 9 පුවත් -
වෘත්තීය සමිති මුහුණ දෙන ගැටළු ගැන මෙවර ජාතික කම්කරු උපදේශක සභාවේ විශේෂ අවධානයක්
2026 ඔක්තෝබර් 8 පුවත් -
ශ්‍රම වාසනා අරමුදලේ කාර්යභාරය කම්කරු අමාත්‍යාංශයට – අරමුදල සැප්තැම්බර් 30 සිට වසා දැමේ
2026 ඔක්තෝබර් 6 පුවත් -
ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය (NILS) මගින් නොමිලේ NVQ Level 03 සත්කාරක සේවා පාඨමාලාවක්
2026 ඔක්තෝබර් 1 පුවත් -
ශ්‍රී ලංකාවේ සුනිසි රැකියා ප්‍රවර්ධනයට නව පියවරක්. 2026–2032 සුනිසි රැකියා පිළිබඳ දේශීය වැඩසටහනට අත්සන් තැබෙයි
2026 ඔක්තෝබර් 1 පුවත් -
චීනයේ යුනාන් පළාත් වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිත පිරිසක් සහ කම්කරු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් අතර හමුවක්
2026 සැප්තැම්බර් 24 පුවත් -
පසුගිය වසර දෙක තුළ කම්කරු අමාත්‍යාංශයේ ප්‍රගතිය
2026 සැප්තැම්බර් 24 පුවත් -
පසුගිය දෙවසරක කාලය තුළ කම්කරු අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නැංවූ වැඩසටහන්වල ප්‍රගතිය - ස්වදේශීය සේවය ඔස්සේ විකාශය වූ ජනරාවය වැඩසටහන
2026 සැප්තැම්බර් 23 පුවත් -
රාජ්‍ය වැවිලි ආයතනවල වතු කම්කරු ජනතාවගේ නොගෙවූ ව්‍යවස්ථාපිත හිඟ මුදල් ගෙවීමට පියවර: සේවකයින් 10,000 කට වැඩි පිරිසකට සහන
2026 සැප්තැම්බර් 16 පුවත් -
කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ කාර්ය සාධනය ඇගයීමට ලක්වෙයි
2026 සැප්තැම්බර් 14 පුවත්