පුවත්
සමාජ රැකවරණ ක්ෂේත්‍රය පිළිබඳ දස අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳ සාකච්ඡාවක්
සමාජ රැකවරණ ක්ෂේත්‍රය පිළිබඳ දස අවුරුදු (2026 – 2035) ජාතික ක්‍රියාකාරී සැලැස්මෙහි තාක්ෂණික කරුණු සාකච්ඡා කිරීම සඳහා වූ හමුවක් පසුගියදා ( 2026.08.31) කොළඹ Cinnamon Lakeside හෝටලයේදී පැවැත්විණි. කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුවේදී සමාජ රැකවරණ ක්ෂේත්‍රය පිළිබඳ තාක්ෂණික කරුණු රැසක් සාකච්ඡා කෙරිණි.
ජාතික සමාජ ආරක්ෂණ ප්‍රතිපත්තියට සහ උපායමාර්ගයට අනුකූලව, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) තාක්ෂණික සහයෝගය ඇතිව "සමාජ රැකවරණ ක්ෂේත්‍රය පිළිබඳ දස අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්මෙහි (2026-2035)" කටයුතු මේ වන විට සාර්ථකව අවසන් කර ඇත. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සහ කම්කරු අමාත්‍යාංශය යන අමාත්‍යාංශ තුනෙහි මූලිකත්වයෙන් සකස් කරන ලද එම සැලැස්ම මේ වන විට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමේ අවසාන අදියරට යොමු කර ඇත.
මෙම ක්‍රියාකාරී සැලැස්මේ ප්‍රධාන අරමුණ වන්නේ මෙතෙක් නිසි ඇගයීමකට ලක්නොවූ, නිවෙස් තුළ සිදුවන වැටුප් නොලබන සත්කාර සේවාවන් හඳුනාගෙන ඒවා රටේ විධිමත් ආර්ථික ක්ෂේත්‍රයක් බවට පරිවර්තනය කිරීමයි. එමෙන්ම, රැකවරණ ක්ෂේත්‍රයේ නියුතු සේවකයන්ට ජාතික වෘත්තීය නිපුණතා (NVQ) සහතිකකරණය හා දායකත්ව සමාජ ආරක්ෂණ ක්‍රමවේදයන් ලබා දීමටත්, මෙරට 18%ක් වන වැඩිහිටි ජනගහනයට සහ 3.7%ක් වන දැඩි ආබාධිත තත්ත්වයන් සහිත පුද්ගලයන්ට අවශ්‍ය විශේෂිත රැකවරණ සේවා තහවුරු කිරීමටත් මෙමඟින් පියවර ගැනේ. මීට අමතරව, සත්කාරක බර අවම කිරීම සහ බෙදාහදාගැනීම තුලින් දැනට 32.3% වැනි පහළ මට්ටමක පවතින කාන්තා ශ්‍රම බලකා සහභාගීත්වය ඉහළ නැංවීමට අවශ්‍ය සහායක රාමුව ජාතික මට්ටමේ සිට ග්‍රාමීය මට්ටම දක්වා සක්‍රීයව ස්ථාපිත කිරීම මෙහි මූලික අපේක්ෂාවයි.
සමාජ රැකවරණ ක්ෂේත්‍රය පිළිබඳ ක්‍රියාකාරී සැලැස්මට අදාලව මෙම හමුවේදී තාක්ෂණික ඉදිරිපත් කිරීම් කරන ලද්දේ මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ( මානව සම්පත් කළමනාකරණ) චම්පිකා ශිරෝමාලී, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (සමාජ ආරක්ෂණ) වාසනා ගුණරත්න, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (සැලසුම් සහ මෙහෙයුම්) කේ.පී.සී.සුභාෂිනී සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ( NVQ Division) ආචාර්ය දිල්රුක්ෂි හේරත් යන මහත්මීන් විසිනි.
මෙම හමුවට ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙරට නියෝජිත ජොනී සිම්ප්සන් මහත්මිය ඇතුළු ක්ෂේත්‍රයට අදාල විශාල පිරිසක් එක්ව සිටියහ.
මෑතකාලීන පළකිරීම්
-
සමාජ රැකවරණ සේවා විධිමත් කිරීම, රැකවරණ සේවකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ කාන්තා ශ්‍රම බලකා සහභාගීත්වය ඉහළ නැංවීම අරමුණු කරගත් 2026–2035 දස අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
2026 ඔක්තෝබර් 9 පුවත් -
වෘත්තීය සමිති මුහුණ දෙන ගැටළු ගැන මෙවර ජාතික කම්කරු උපදේශක සභාවේ විශේෂ අවධානයක්
2026 ඔක්තෝබර් 8 පුවත් -
ශ්‍රම වාසනා අරමුදලේ කාර්යභාරය කම්කරු අමාත්‍යාංශයට – අරමුදල සැප්තැම්බර් 30 සිට වසා දැමේ
2026 ඔක්තෝබර් 6 පුවත් -
ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය (NILS) මගින් නොමිලේ NVQ Level 03 සත්කාරක සේවා පාඨමාලාවක්
2026 ඔක්තෝබර් 1 පුවත් -
ශ්‍රී ලංකාවේ සුනිසි රැකියා ප්‍රවර්ධනයට නව පියවරක්. 2026–2032 සුනිසි රැකියා පිළිබඳ දේශීය වැඩසටහනට අත්සන් තැබෙයි
2026 ඔක්තෝබර් 1 පුවත් -
චීනයේ යුනාන් පළාත් වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිත පිරිසක් සහ කම්කරු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් අතර හමුවක්
2026 සැප්තැම්බර් 24 පුවත් -
පසුගිය වසර දෙක තුළ කම්කරු අමාත්‍යාංශයේ ප්‍රගතිය
2026 සැප්තැම්බර් 24 පුවත් -
පසුගිය දෙවසරක කාලය තුළ කම්කරු අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නැංවූ වැඩසටහන්වල ප්‍රගතිය - ස්වදේශීය සේවය ඔස්සේ විකාශය වූ ජනරාවය වැඩසටහන
2026 සැප්තැම්බර් 23 පුවත් -
රාජ්‍ය වැවිලි ආයතනවල වතු කම්කරු ජනතාවගේ නොගෙවූ ව්‍යවස්ථාපිත හිඟ මුදල් ගෙවීමට පියවර: සේවකයින් 10,000 කට වැඩි පිරිසකට සහන
2026 සැප්තැම්බර් 16 පුවත් -
කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ කාර්ය සාධනය ඇගයීමට ලක්වෙයි
2026 සැප්තැම්බර් 14 පුවත්