පුවත්
රාජ්‍ය වැවිලි ආයතනවල වතු කම්කරු ජනතාවගේ නොගෙවූ ව්‍යවස්ථාපිත හිඟ මුදල් ගෙවීමට පියවර: සේවකයින් 10,000 කට වැඩි පිරිසකට සහන
වසර 25කට වැඩි කාලයක් පුරා රාජ්‍ය වැවිලි ආයතනවල වතු කම්කරු ජනතාවගේ නොගෙවූ ව්‍යවස්ථාපිත මුදල් ගෙවීමට පියවර ගෙන ඇති අතර සේවකයින් 10,000 කට වැඩි පිරිසකට සහන ලබාදීම පසුගියදා මහනුවරදී ආරම්භ කෙරිණි.
ඒ අනුව,පළමු අදියර ලෙස මහනුවර උතුර, මහනුවර දකුණ, මාතලේ දිස්ත්‍රික් කම්කරු කාර්යාල සහ ගම්පල, නාවලපිටිය උප දිස්ත්‍රීක් කම්කරු කාර්යාල බල ප්‍රදේශවල පිහිටි වතුවල සේවකයින් 308 දෙනෙකු සඳහා රුපියල් මිලියන 79කට අධික හිඟ පාරිතෝෂික මුදල් ලබා දීම කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සහ නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම් පියතිස්ස සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් 2026.09.10 වැනිදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.
ඉතිරි අදාල සේවකයින් සඳහා වන පාරිතෝෂික, හිඟ සේවක අර්ථසාධක අරමුදල් (EPF) සහ සේවක භාරකාර අරමුදල් (ETF) ගෙවීමට අවශ්‍ය කටයුතු ද කම්කරු දෙපාර්තමේන්තුව මගින් දැනටමත් සිදු කරමින් පවතී.
"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූලව, කම්කරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් අර්ධ රාජ්‍ය ආයතන 10ක සේවකයින්ගේ ව්‍යවස්ථාපිත හිඟ මුදල් ගෙවීම සඳහා රුපියල් බිලියන 10ක මුදලක් ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඊට අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන ලද්දේ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා විසිනි.
වෙන් කරන ලද මුදලින් රුපියල් මිලියන 4,500කට අධික මුදලක් වැවිලි සහ ප්‍රජා යටතල පහසුකම් අමාත්‍යාංශයට අනුබද්ධිත ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව (SLSPC), ජනතා වතු සංවර්ධන මණ්ඩලය (JEDB) සහ ඇල්කඩුව වැවිලි සමාගම (EPL)යන රාජ්‍ය වැවිලි ආයතන තුනෙහි විශ්‍රාමික සහ දැනට සේවයේ නියුතු 10,000කට අධික සේවකයින් පිරිසකට හිමිවීමට නියමිතය.
මෑතකාලීන පළකිරීම්
-
සමාජ රැකවරණ සේවා විධිමත් කිරීම, රැකවරණ සේවකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ කාන්තා ශ්‍රම බලකා සහභාගීත්වය ඉහළ නැංවීම අරමුණු කරගත් 2026–2035 දස අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
2026 ඔක්තෝබර් 9 පුවත් -
වෘත්තීය සමිති මුහුණ දෙන ගැටළු ගැන මෙවර ජාතික කම්කරු උපදේශක සභාවේ විශේෂ අවධානයක්
2026 ඔක්තෝබර් 8 පුවත් -
ශ්‍රම වාසනා අරමුදලේ කාර්යභාරය කම්කරු අමාත්‍යාංශයට – අරමුදල සැප්තැම්බර් 30 සිට වසා දැමේ
2026 ඔක්තෝබර් 6 පුවත් -
ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය (NILS) මගින් නොමිලේ NVQ Level 03 සත්කාරක සේවා පාඨමාලාවක්
2026 ඔක්තෝබර් 1 පුවත් -
ශ්‍රී ලංකාවේ සුනිසි රැකියා ප්‍රවර්ධනයට නව පියවරක්. 2026–2032 සුනිසි රැකියා පිළිබඳ දේශීය වැඩසටහනට අත්සන් තැබෙයි
2026 ඔක්තෝබර් 1 පුවත් -
චීනයේ යුනාන් පළාත් වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිත පිරිසක් සහ කම්කරු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් අතර හමුවක්
2026 සැප්තැම්බර් 24 පුවත් -
පසුගිය වසර දෙක තුළ කම්කරු අමාත්‍යාංශයේ ප්‍රගතිය
2026 සැප්තැම්බර් 24 පුවත් -
පසුගිය දෙවසරක කාලය තුළ කම්කරු අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නැංවූ වැඩසටහන්වල ප්‍රගතිය - ස්වදේශීය සේවය ඔස්සේ විකාශය වූ ජනරාවය වැඩසටහන
2026 සැප්තැම්බර් 23 පුවත් -
රාජ්‍ය වැවිලි ආයතනවල වතු කම්කරු ජනතාවගේ නොගෙවූ ව්‍යවස්ථාපිත හිඟ මුදල් ගෙවීමට පියවර: සේවකයින් 10,000 කට වැඩි පිරිසකට සහන
2026 සැප්තැම්බර් 16 පුවත් -
කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ කාර්ය සාධනය ඇගයීමට ලක්වෙයි
2026 සැප්තැම්බර් 14 පුවත්