Select Language / භාෂාව තෝරන්න / மொழியைத் தேர்ந்தெடுக்கவும்

ඉදිරියට යාමට ඔබ කැමති භාෂාව තෝරන්න

Ministry Hero Slider
Ministry Hero Slider
Ministry Hero Slider
Ministry Hero Slider
Ministry Hero Slider
සාදරයෙන් පිළිගනිමු

කම්කරු අමාත්‍යාංශය

සාධාරණ රැකියා ප්‍රවර්ධනය කිරීම, කම්කරු අයිතිවාසිකම් සුරැකීම සහ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය මෙහෙයවන සක්‍රීය ශ්‍රම බලකායක් ගොඩනැගීමට කැපවී සිටී.

සමාජ රැකවරණ සේවා විධිමත් කිරීම, රැකවරණ සේවකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ කාන්තා ශ්‍රම බලකා සහභාගීත්වය ඉහළ නැංවීම අරමුණු කරගත් 2026–2035 දස අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. වෘත්තීය සමිති මුහුණ දෙන ගැටළු ගැන මෙවර ජාතික කම්කරු උපදේශක සභාවේ විශේෂ අවධානයක් ශ්‍රම වාසනා අරමුදලේ කාර්යභාරය කම්කරු අමාත්‍යාංශයට – අරමුදල සැප්තැම්බර් 30 සිට වසා දැමේ ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය (NILS) මගින් නොමිලේ NVQ Level 03 සත්කාරක සේවා පාඨමාලාවක් ශ්‍රී ලංකාවේ සුනිසි රැකියා ප්‍රවර්ධනයට නව පියවරක්. 2026–2032 සුනිසි රැකියා පිළිබඳ දේශීය වැඩසටහනට අත්සන් තැබෙයි
0
අනුබද්ධ ආයතන
0+
බලාත්මක කළ කම්කරු පනත්
0
අපරානුමත කරන ලද ILO සම්මුතීන්
0K
මුළු අමුත්තන් සංඛ්‍යාව

කම්කරු අමාත්‍යාංශය පිළිබඳව

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, සමාජ ආරක්ෂණය, කාර්මික සාමය තහවුරු කිරීම, රැකියා වෙළඳපොල සඳහා පුහුණු ශ්‍රමිකයින් යොමු කිරීම, රැකියාගත කිරීම සහ රැකියා සුරක්ෂිතතාවය තහවුරු කිරීම, වෘත්තීය සුරක්ෂිතතාව හා සෞඛ්‍ය ආරක්ෂණය තහවුරු කිරීම තුලින් දේශීය ශ්‍රම බලකාය ආර්ථික සංවර්ධනයට වන දායකත්වය ඉහල නැංවීමට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම කම්කරු අමාත්‍යාංශයේ ප්‍රධාන මෙහෙවර වේ.

මෙම මෙහෙවර ඉටු කිරීමේදී තිරසර සංවර්ධන අරමුණු සහ ශ්‍රී ලංකාව විසින් අපරානුමත කර ඇති ජාත්‍යන්තර සම්මුතීන් මෙන්ම 2024.11.25 දිනැති අංක 2412/08 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනයෙහි සඳහන් කාර්යයන් හා කර්තව්‍යයන් මත පදනම්ව අමාත්‍යාංශයේ වැඩසටහන් පෙල ගස්වා ඇත. එම ගැසට් නිවේදනය ප්‍රකාරව රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන ජාතික ප්‍රතිපත්තීන් මත පිහිටා කම්කරු විෂය පථයට සහ අමාත්‍යාංශයට අනුබද්ධිත ආයතනයන්හි විෂය පථයන්ට අදාලව ප්‍රතිපත්ති සම්පාදනය, වැඩසටහන් සහ ව්‍යාපෘති සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය හා පසුවිපරම මෙම අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යභාරය වේ.

Ministry of Labour Head Office

අමාත්‍යාංශයට අනුබද්ධිත ආයතන

කම්කරු දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකාවේ සමස්ත ශ්‍රම බලකායේ බහුතරය නියෝජනය කරනු ලබන පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවක ප්‍රජාව වෙත කම්කරු නීති මඟින් හිමිකර දී ඇති අයිතිවාසිකම් තහවුරු කිරීම, සේව්ය - සේවක සබඳතාවය ප්‍රවර්ධනය කිරීම තුළින් සහ ආයතන මට්ටමින් කාර්මික සාමය සුරක්ෂිත කිරීම තුළින් සුනිසි වැඩ පරිසරයක් ඇති කිරීම කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යභාරය වේ.

වසර සියයකට අධික ඉතිහාසයක් හිමි කම්කරු දෙපාර්තමේන්තුව, වර්තමානය වන විට ඩිජිටල්කරණය ඔස්සේ වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇත. විශේෂයෙන්ම විද්‍යුත් සේවාවන් (e-services) හඳුන්වා දීම මඟින් සේවාලාභීන්ට තම අවශ්‍යතා වඩාත් පහසුවෙන් සහ කාර්යක්ෂමව ඉටු කර ගැනීමට අවස්ථාව උදාවනු ඇත.

එසේම සේවා යෝජක-සේවක සබඳතාවයන් පෝෂණය කරමින් සහ සේවක අයිතීන් ශක්තිමත් කරමින් කාර්මික සාමය ප්‍රවර්ධනය උදෙසා දෙපාර්තමේන්තුව ක්‍රියාකාරීව කටයුතු කරනු ලැබේ.

නවතම පුවත්

2026 ඔක්තෝබර් 8 පුවත්

වෘත්තීය සමිති මුහුණ දෙන ගැටළු ගැන මෙවර ජාතික කම්කරු උපදේශක සභාවේ විශේෂ අවධානයක්

වෘත්තීය සමිති මුහුණ දෙන ගැටළු ගැන විශේෂ අවධානයක් යොමු කෙරුණු මෙවර ජාතික කම්කරු උපදේශක සභා (National Labour Advisory...

2026 ඔක්තෝබර් 6 පුවත්

ශ්‍රම වාසනා අරමුදලේ කාර්යභාරය කම්කරු අමාත්‍යාංශයට – අරමුදල සැප්තැම්බර් 30 සිට වසා දැමේ

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන්ගේ සුබසාධනය අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක වූ ශ්‍රම වාසනා අරමුදල 2026...

ප්‍රවේශ්‍යතාව දසුන සකසන්න
අකුරු ප්‍රමාණය
වර්ණ ප්‍රකාරය
හඬ කියවීම (Text-to-Speech)